සිත්තර අරම - siththara arama

මේ බුදු දහමේ යථාරථයයි

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

     බුදුන් වහන්සේ තරම් මේ ලෝකයේ සත්‍ය දුටු වෙනත් අයෙක් මෙතෙක් පහලවී නොමැත. අපේ බුදු හාමුදුරුවෝ අපහට පෙන්වා දුන් ඇත්ත යමෙක් දැන හෝ නොදැන වැරදි ලෙස විග්‍රහ කරන්නේ නම් හෙතෙම බුදු දහම විනාශ කරන්නෙකි. මිත්‍යා දෘෂ්ඨියෙන් තොරව බුදු දහම විවරණය කරන අප හා එක්වන්න.

මේ වෑයම සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම පිණිසය


 අතහරින්න 
  • ශරීරයට අධික ලෙස සැපදීම හා දුක් දීම  
දුක හදුන ගන්න
  •  ඉපදෙ සෑම සත්වයෙක්ම උපන් මොහොතේ සිට වයසට යන අතර ඒ හේතුවෙන් අතීතය ගැන දුක්වේ.
  • වයස ගතවේ නම් ශරීරයේ ඉන්ද්‍රියන් දුර්වල වේ. බඩගින්නේ සිට බොහෝ රෝගයන්ට සත්වයා ගොදුරු වේ.
  • කයෙන් හා මනසින් වයසට යත්ම ශරීරය දරාගත නොහැකිව මරණය කරා ගමන් කරයි.
  • ශරීරයෙන් විඥානය පහව ගොස් වෙනත් භවයකට පදනම               සාදා ගන්නා බැවින් නැවත භවයකට පැමිණ නැවතත් මරණය තෙක් ගමන් කරයි.
  • උපතේ සිට මරණය දක්වා බොහෝ දේ පතමින් බලාපොරොත්තු සහගතව ගමන් කරන සත්වයාට ඒවා ඉටු නොවන විට දුකක් ඇතිවේ.
  • තමා ආදරය කල, තමාට ආදරය කල අය වෙන්ව යනවිට දුකක් ඇතිවේ.
  • අකමැති බොහෝ අය ඇසුරු කිරීමට සිදු වේ.
  • ඇස, කණ, දිව, නාසය, ශරීරය හා මනසට විඳින්නට අකමැති වින්දනයන් විඳීමට සිදුවේ. 
  • එක් වතාවක් නොව සිය දහස් වතාවක් මේවාට ලක්වීමෙන් සිත ගත පීඩාවට ලක්වන මුත් සත්වයාට මේබව නොදැනීමෙන් අලුත් අලුත් බලාපොරොත්තු ඇතිකර ගනිමින් සැපම සොයමින් ජීවන අරගලයට එක්වේ.



තන්හාව 
  • කාම තන්හාව
ඇසට රූප, කනට සබ්ද, දිවට රසය, නාසයට සුවඳ, ශරීරයට ස්පර්ෂය, මනසට අරමුණු ලබාගැනීම සඳහා අධික ආශාවක් ඇති කර ගැනීමත්, ඒ වෙනුවෙන් සිත, කය, වචනය මෙහෙය වීම.

  • භව තන්හාව
මේ බවයේ පවතින කාම සම්පත්තීන් දැක ඊළග භවයේ ඊටවඩා සැපදායී දිව්‍ය සැප හා මනුස්ස සැප පැතීම

  • විභව තන්හාව
වෙනත් බවයක් නොලැබේය යන විශ්වාසයෙන් මෙලොව සැප උපරිම විඳීමට දක්වන ආසාව. මෙය මිත්‍යාදෘෂ්ඨික කල්පනාවකි.

ආනිශංස


මල් පිදීම






  

No comments:

Post a Comment